Monday, October 21, 2013

මගේ දැක්ම!

ඔබ කැඩපතට මුහුණලා හිස පිරිමදීද? මා එය දකින්නේ වෙනස්ම ඇසකිනි..ඔබ කැඩපතට මුහුණලා ඔබේ ගුණරුව දකීද? මා එයද දකින්නේ වෙනයම් ඇසකිනි..කිමද මා සිටිනුයේ කැඩපත පිටු පසිනි! එයයි මෙම මාතෘකාවට පාර කියුවේ!

අප වනාහි මිනිසුන්ය.. මිනිසුන් වනාහි මනස උසස් සත්වයාය..නමුත් අද සමාජය ගත්කල මෙහි වෙසෙන ජනයා සුව කල නොහැකි මානසික රෝගීයන් වී හමාරය...මාද ඒ අතරින් එකෙක් විය හැක. ඔබද එහි හිමිකරුවෙකි.. මා මානසික රෝගීන් ලෙස දකින්නේ විවිධාකාරයේ බොරු මිත්‍යාවන් පසුපස හඹා යන්නන්ය.. එය මගේ දැක්මයි.එය මා අනුවර්තනය වී ඇති සමාජරටාව අනුව එය මටම අවේනික වුවකි..ඔබ ඉන් වෙනස් විය හැක.. එයට මා කම් නැත. අද වන විට දහස්ගණන් වු මිනිසුන් අතරින් විවිදාකාරයේ පුද්ගලයන් මෙලව ජාතක වී විවිධ දර්ශන ඉදිරිපත්කර ඇත..මා හඹා යන්නේ තුන් ලොවටම සරණ වූ බුදුන් සරණය.. එහි ඉතා ගැබුරු සාරයක් ඇති බව දැන් දැන් හොදින් දැනේ.. (ඒවා පස්සට).. ඔබ කිසිදිනක සිතා තිබේද ඔබ ඇයි මෙවන් කටුක ජීවිතයකට උරුමකම් කිවේ කියා? ඔබ කිසිදිනක සිතා තිබේද මෙවැනි බලහිනයෙක් වී මා අරුතක් නොමැතිව ගෙවන ජීවිතය ගැන? එයටද මා කම් නැත! එය ඔබේ දුර්වලතාවයකි....

මේ post එක කියවා ඔබ සිතාවි මා මානසිකයෙක් යනුවෙන්! එතකොට ඔබ?

2 comments:

  1. එකෙන්ම. මම ජිවත් වෙන්නේ මැරෙන්න බැරි නිසා. කොහොම උනත් උඹත් බ්ලොග් ලියන්න පය ගහපු එක ගැන ආඩම්බරයි. දැන් මම අඳුනන දෙන්නෙක් බ්ලොග් ලියනවා. රජයි උඹයි. ආඩම්බරයි පුතේ..... :P

    ReplyDelete
    Replies
    1. හි හී....උබත් මේ පැත්තට තට්ටු උනොත් හොදයි නේ? :D

      Delete