Friday, November 1, 2013

පිස්සුව තදවී

සති දෙකක් පුරා මම තෙමේ වෙහෙස මහන්සි වී බ්ලොග් එක ගොඩ දැමීමේ දැඩි අධිඨනෙන් කටයුතු කරම්ය.. යම් හෙයකින් මාගේ ඇති අදිගෘත බලය මා දැඩි කම්පා කරවන සුළු වන්නාහ. එනම් මා තෙමේගේ ඇති හැකියාව හින වෙමින් යන්නාහ..මෙයට පිළියම් වශයෙන් කරන්නට යම් දෙයක් ඇත්තාද කියා මා ප්‍රිය මිතුරන්ගෙන් ඇසූ කල්හි මා මෝඩයෙක් පිස්සෙක් යැයි සිතා මා හට බැන වැදී ඇති වාර අනන්ත අප්‍රමාණය..එකල්හි මම තෙමේ අධික ලෙස කෝපයට පත්ව ලේ කුපිත වී මී හරකෙක් මෙන් පොත් පෙරලන්නට වූහ. මා නෙත් යොමු වූයේ සංස්කෘත නම් අප මහා සිංහලයේ සංස්කෘත බස දෙසටය. කෙනෙකු දැක පමණින් සිත් පිත් දනවන වදන් නොතිබුනත් මෙය ඉතා මිහිරි වන්නාහ.මෙය සාමාන්‍ය පුද්ගලයන් කියවා නිසැකවම මා වනාහි අධික ලෙස පිස්සු උග්‍ර වී ඇති තැනැත්තෙකු යැයි සිතා ගල් ගසන්නටද සිත් ඇත්තාහ.මෙම බ්ලොග් කට්ටුවට පුර්ණ සහය දෙන්නෙක් ඇත්තාද ඒ නම් අප ජැකාමය. ඔහු බිම්තැන්න නම් බ්ලොග් කට්ටුව කරන තැනැත්තාමය. බුකියට වී නිකරුනේ කාලය කන්නන්ට මෙම බ්ලොග් කලාව ඇති මහත් සම්පතකි. ඉස්සර අප වනාහි බුකියේ සැරිසරන බුකිචාරින්මය. ලබන අවුරුද්දේ විභාගේ කට උඩ තියාගෙන දැන් තවත් අලුත් වැඩකට බැස ඇත. එනම් මෙම බ්ලොග්කට්ටුවමය. එකල බුකියට රැ දෙගොඩ යාමේ යන මා දැන් උදේ පාන්දරම බ්ලොග් එකට දුවගෙන එන්නාහ. මෙයට දැඩි ඇල්මක් හා භක්තියකින් කටයුතු කරන්නාහ.
     එහෙත් ඊයෙ දිනයේදී පැවැත්වූ බ්ලොග් කමිටු රැස්වීමේදී මම තෙමෙට හින්දාදිය දැම්මා නිසැකය. එනම් අප බ්ලොග් සංසදයේ මුල් පුටු උසුලන අයියන්ඩිලාගේ හිත් පිත් උණු කරවන වදන් වලින්මය.. අපහට තරයේ බැන වැදී "මේක දිගටම කරගෙන යන්න බැරි නම් ඒගොල්ලෝ අයියන් වෙයල්ලා" යනුවෙන් සැරපරුෂ වචන වලින් අප කං පින වූහ.. එකල්හි මම තෙමේ අධික ලෙස බිය වී බඩවැල උණ්ඩුකපුච්චයේ හිරකරගෙන සෑහෙන කට්ටක් කෑවේය.. කොහොමින් කොහොම හෝ උන්ගේ වැදි බණ අසා හිද එපා වී මතක් වූ පමණින් බඩේ රුදාව හැදෙන්නට වන්නාහ. කං දෙකේ ඇගිලි ගසා නොසිට නිසාවෙන් මා මොළ පලා පියා බෙහෙත් ගල්වන්නට වූහ. යම් හෙයකින් මා පෙර භාවයේ කළා වූ කුසලයේ පිං මදි හෙයින් මා හට අදහස් ගලා ඒමේ සම්භාවිතාව බොහෝ සේ අඩුය.. එමනිසා ඇත්තනම් පත කුඩාද යන අධිටනෙන් කටයුතු කරන මා මෙය ලිවීමටද බොහෝ සේ රං රිදී වැය කළෙමු. අසූ කෙළක් ධනය වැය කොට තැනූ මගේ පැළ මමම රකිමියි සිතා මා අද පටන් මෙහි ඉස්ථිර වශයෙන්ම පදිංචි වෙමි! 

Monday, October 21, 2013

මගේ දැක්ම!

ඔබ කැඩපතට මුහුණලා හිස පිරිමදීද? මා එය දකින්නේ වෙනස්ම ඇසකිනි..ඔබ කැඩපතට මුහුණලා ඔබේ ගුණරුව දකීද? මා එයද දකින්නේ වෙනයම් ඇසකිනි..කිමද මා සිටිනුයේ කැඩපත පිටු පසිනි! එයයි මෙම මාතෘකාවට පාර කියුවේ!

අප වනාහි මිනිසුන්ය.. මිනිසුන් වනාහි මනස උසස් සත්වයාය..නමුත් අද සමාජය ගත්කල මෙහි වෙසෙන ජනයා සුව කල නොහැකි මානසික රෝගීයන් වී හමාරය...මාද ඒ අතරින් එකෙක් විය හැක. ඔබද එහි හිමිකරුවෙකි.. මා මානසික රෝගීන් ලෙස දකින්නේ විවිධාකාරයේ බොරු මිත්‍යාවන් පසුපස හඹා යන්නන්ය.. එය මගේ දැක්මයි.එය මා අනුවර්තනය වී ඇති සමාජරටාව අනුව එය මටම අවේනික වුවකි..ඔබ ඉන් වෙනස් විය හැක.. එයට මා කම් නැත. අද වන විට දහස්ගණන් වු මිනිසුන් අතරින් විවිදාකාරයේ පුද්ගලයන් මෙලව ජාතක වී විවිධ දර්ශන ඉදිරිපත්කර ඇත..මා හඹා යන්නේ තුන් ලොවටම සරණ වූ බුදුන් සරණය.. එහි ඉතා ගැබුරු සාරයක් ඇති බව දැන් දැන් හොදින් දැනේ.. (ඒවා පස්සට).. ඔබ කිසිදිනක සිතා තිබේද ඔබ ඇයි මෙවන් කටුක ජීවිතයකට උරුමකම් කිවේ කියා? ඔබ කිසිදිනක සිතා තිබේද මෙවැනි බලහිනයෙක් වී මා අරුතක් නොමැතිව ගෙවන ජීවිතය ගැන? එයටද මා කම් නැත! එය ඔබේ දුර්වලතාවයකි....

මේ post එක කියවා ඔබ සිතාවි මා මානසිකයෙක් යනුවෙන්! එතකොට ඔබ?

Saturday, October 19, 2013

"කැඩපතට පිටුපා"



ඔන්න එහෙනම් මාත් බ්ලොග් එකකට බැස්ස. ඉස්සරනම් බ්ලොග් එකක් කිව්වහම මහ මෙරක් වගේ.මේකේ රසේ දැනෙන්න මේකක් අටෝ ගෙනම බලන්න ඕනේ කියල මගේ යාළු බොක්කක් කිව්වා.. මිනිහට කියන්නෙ කවුරුත් ජැකා කියල... එහෙමත් නැත්තම් 'බිම්තැන්නේ අදිපති' කියල. කියපු නිසාම රස බලන්න ලාවට විතර මේ පැත්තට ආව...පොඩි මෙව්වා එකක් තියෙනව වගේ දැනෙනව. බලමු..ඉදිරියට හොද දෙයක් කරන්න බලාපොරොත්තු වෙනව! ඔන්න එහෙනම් කැඩපතට පිටිපස සිට සමාජය දකිමින් මගේ ගමන අරබනවා!