Monday, October 21, 2013

මගේ දැක්ම!

ඔබ කැඩපතට මුහුණලා හිස පිරිමදීද? මා එය දකින්නේ වෙනස්ම ඇසකිනි..ඔබ කැඩපතට මුහුණලා ඔබේ ගුණරුව දකීද? මා එයද දකින්නේ වෙනයම් ඇසකිනි..කිමද මා සිටිනුයේ කැඩපත පිටු පසිනි! එයයි මෙම මාතෘකාවට පාර කියුවේ!

අප වනාහි මිනිසුන්ය.. මිනිසුන් වනාහි මනස උසස් සත්වයාය..නමුත් අද සමාජය ගත්කල මෙහි වෙසෙන ජනයා සුව කල නොහැකි මානසික රෝගීයන් වී හමාරය...මාද ඒ අතරින් එකෙක් විය හැක. ඔබද එහි හිමිකරුවෙකි.. මා මානසික රෝගීන් ලෙස දකින්නේ විවිධාකාරයේ බොරු මිත්‍යාවන් පසුපස හඹා යන්නන්ය.. එය මගේ දැක්මයි.එය මා අනුවර්තනය වී ඇති සමාජරටාව අනුව එය මටම අවේනික වුවකි..ඔබ ඉන් වෙනස් විය හැක.. එයට මා කම් නැත. අද වන විට දහස්ගණන් වු මිනිසුන් අතරින් විවිදාකාරයේ පුද්ගලයන් මෙලව ජාතක වී විවිධ දර්ශන ඉදිරිපත්කර ඇත..මා හඹා යන්නේ තුන් ලොවටම සරණ වූ බුදුන් සරණය.. එහි ඉතා ගැබුරු සාරයක් ඇති බව දැන් දැන් හොදින් දැනේ.. (ඒවා පස්සට).. ඔබ කිසිදිනක සිතා තිබේද ඔබ ඇයි මෙවන් කටුක ජීවිතයකට උරුමකම් කිවේ කියා? ඔබ කිසිදිනක සිතා තිබේද මෙවැනි බලහිනයෙක් වී මා අරුතක් නොමැතිව ගෙවන ජීවිතය ගැන? එයටද මා කම් නැත! එය ඔබේ දුර්වලතාවයකි....

මේ post එක කියවා ඔබ සිතාවි මා මානසිකයෙක් යනුවෙන්! එතකොට ඔබ?

Saturday, October 19, 2013

"කැඩපතට පිටුපා"



ඔන්න එහෙනම් මාත් බ්ලොග් එකකට බැස්ස. ඉස්සරනම් බ්ලොග් එකක් කිව්වහම මහ මෙරක් වගේ.මේකේ රසේ දැනෙන්න මේකක් අටෝ ගෙනම බලන්න ඕනේ කියල මගේ යාළු බොක්කක් කිව්වා.. මිනිහට කියන්නෙ කවුරුත් ජැකා කියල... එහෙමත් නැත්තම් 'බිම්තැන්නේ අදිපති' කියල. කියපු නිසාම රස බලන්න ලාවට විතර මේ පැත්තට ආව...පොඩි මෙව්වා එකක් තියෙනව වගේ දැනෙනව. බලමු..ඉදිරියට හොද දෙයක් කරන්න බලාපොරොත්තු වෙනව! ඔන්න එහෙනම් කැඩපතට පිටිපස සිට සමාජය දකිමින් මගේ ගමන අරබනවා!