මිහිරි අත්දැකීම්

"අපේ සෙට් එක"




                     දිනය 2012 ජුනි මස 26 දා....O/L ප්‍රතිපල බලන්න ගියත් හරි මාස තුනකට පස්සෙ ඉස්කෝලෙට පැය ගැහුවමයි.. එදා A/L පටන් ගන්න දවස.. හිතට පොඩි මෙව්ව එකකුත් තිබ්බ.මොකද පරණ හිටපු යාළුවො එකෙක්වත් නැති එක ගැන. කොහොම හරි හිත හදාගෙන ගියා.. මම A/L කරන්නේ කලා අංශයෙන්.. තිබුන වැඩ ටික ඉවර වෙලා පන්තිවලට ළමයි දැම්ම. ඊටපස්සේ මං ඉන්න පන්තියෙන් ගිහිල්ල ඉදගත්තා. මමයි අන්තිමටම පන්තියට ගියේ. නොයිවසිල්ලෙන් හිටියෙ අලුතෙන් ආපු පොරවල් කොහොම ඇද්ද කියල බලන්න. පන්තියට ගිහිල්ල එකෙක්වත් මුණ නොබලා ඉදගත්ත. ටික වෙලාවකට පස්සෙ පොඩ්ඩක් ඔලුව හරවල බැලුව මොක්කුද ඉන්නේ කියල.. අඳුරණ මූණු දෙක තුනකුත් තිබ්බ.. උන් නම් කට පුරෝලා හිනා උනා.. අනිත් එවුන් නම් එකෙක්වත් දැකපු එවුන් නෙමේ.. මම ආයේ ඉස්කෝලෙට අඩිය ගැහුවේ සතියකට විතර පස්සේ.. ඒ තරමටම එපා වෙලා තමා තිබුනේ...මොකද අලුතින් ආපු එවුන් අදුරන්නේ නැති නිසා.. සතියකට පස්සේ මම පන්තියට ආවම එකෙක් ඇහුව මචං උබ හිටපු පොරක් නේද කියල..මම හිතට හයිය අරගෙන පපුව ඉස්සරහට දාල 'ඔව් මචං ඇයි? ^_^' කියල ඇහුව.. මිනිහගෙ නම පසිඳු.. මිනිහ තමා මාත් එක්ක ඉස්සෙල්ලාම කතාකරේ.. ඇවිල්ල දවස් දෙකතුනකුත් ගිහිල්ල මුන් සෙට් එකකුත් හදාගෙන...හැබැයි උන් අතරේ මං අදුරන මුණු ටිකකුත් එහෙම්මෙහෙන් ලාවට දැක්ක.. ලෙසිත්, පියුමාල් මේ ඩබල ඉස්කෝලේ හිටපු පොරවල් දෙකක්..අනිත් පොර 'ජනක' මගෙ කලින් ඉස්කෝලේ හොදම යාලුවෙක්. ටික දවසක් යද්දි අපි සෙට් එක පන්තියේ පට්ටම සෙට් එකක් උනා.. ඒත් මට පංතිය සෙට් උනේ නැ... ආයෙත් මම සතියක විතර නිවාඩුවක් දැම්ම. ඊලග සතියේ යද්දී කට්ටිය වැඩි වෙලා. අලුතින් තව බුවාල ඇවිල්ල... ඒ අතර හිටිය මලිත් කියල පොරක්. කොහොමින් කොහොම හරි අපි සෙට් එක එකා එකා වැඩි වෙමින් තිබුන.. අපේ සෙට් එකේ කොල්ලෝ 7නෙක් විතර හිටිය..මලිත්,ජනක,ලෙසිත්,පියුමාල්,පසිදු,ෂහේන් මේ සෙට් එක තමා..මුන් ගැන පොඩි හැදින්විමකුත් කරන්න ඕනේ.."මලිත් (මයියා)-ගෙදර ඉදගෙන දවසම ගේම් ගහන්න තියෙනවනම් වෙන ඕනේ නැ..කැන්ටිමෙන් දවසට එක වඩයක් අනිවාර්‍ය වන අතර නො ලව් නො ප්‍රොබ්ලම් යනුවෙන් දැඩි අදිෂ්ටානයකින් කටයුතු කරයි..මිනිහට අපි කියන්නේ 'වඩයා' නොහොත් මයියා යනුවෙනි...,ජනක (ජැකා)- අපේ සෙට් එකේ මල්සරා.. දෙපැත්තම කවර් කරමින් පිස්සු නටන මොහු  මැරෙනා තුරු එකාටම කියන පාඨය මුල් කරගෙන තම ප්‍රේම ජවනිකාව සිත්සේ කරගෙන යයි...ලෙසිත්(ලෙල්ල)- සෙට් එකේ 'සරිගම' කන්නා ලෙස පටබැදී මොහු ගෑණුළමයි ගැන වැඩිය නොසිතයි... සරුංගල් ඇරීම වැනි සිගිති ආතල්වලට ඉතා ප්‍රිය කරයි...පියුමාල්(චව්වා)- එකට තුන අනුපාතයට ලව් කරන අතර ගෙදරට පූස් පාටද ඉස්කෝලෙට සිංහපාට්ද යනුවෙන් කටයුතු කරයි.. සෙන්ට්‍රිගේඩ්ස් සංගීත කණ්ඩායමට වැඩියෙන් ප්‍රිය කරන අතර ගම පුරාම මොහුවයි ඉහත සදහන් කල සංගීත කණ්ඩායම අතර යම් යම් ශාරීරික වශයෙන් ගනුදෙනු ඇතැයි රාවයක් පැතිර යයි... පසිදු(බර්ටි)- ගෑණු ළමයි දහදෙනෙකුට වඩා බහ දී ඇත.. ගෑණු ගැන පරි පුර්ණ දැනුමක් ඇති මොහු බූට් කෑමට දැඩි කැමැත්තක් දක්වයි  ..ෂහේන්-ඉතා අහිංසක ලෙස තම ජීවිකාව කරගෙන යන මොහු පොල් රොටියා ලෙස හදුන්වයි. මොහුට ඉතා ඉක්මනින් උණුවන පපුවක් ඇත.. ශාලිත(වැලය)- ඉස්කෝලෙට ඇවිල්ල සති දෙකක් ඇතුලත තම නම ඉහලින්ම රැන්දූ මොහු පැණියා යනුවෙන්ද හදුන්වයි..කෙල්ලො එපා යැයි දැඩි අදිෂ්ටානයකින් සිටි මොහු අන්තිමට නැවතුනේ චියිනිස් පට්ට කෑල්ලක් ලගය . "මම"- හැම එකාම කට පුරෝලා කියන්නේ හූනා කියල..ටිචර්ස්ලත් ඒ නමින්ම ආමන්ත්‍රණය කරනව..

                                           අපි සෙට් එක තමා පංතියෙ ආතල්ම සෙට් එක...මොකද හොදම පොරවල් ටික ඉන්නේ අපේ එකේ..."මම එහෙම පොරක් නෙමේ ඇ".... කාගෙන් හරි බැනුමක් ඇහුවත් එකටම ඒක අහන සෙට් එකක් තමා අපි.. එහෙන්මෙහෙන් පොඩි පොඩි අවුල් යනව ඉතින්...අපේ සෙට් එක හරියටම සෙට් වෙලා දැනට අවුරුද්දක් විතර වෙනව...අදටත් පට්ටම fun එකේ ඉන්නව....! ඔන්න ඕකයි තත්වෙ!!!

5 comments:

  1. වඩයා ලෙස හැදින්වීම දැඩි ලෙස හෙළා දකින්නෙමි

    ReplyDelete
    Replies
    1. මෙව්ව කොරද්දී මඩ නොගහ ඉන්න බැ බන්! ඉස්සරහට තව හොද හොද එව්වා සෙට් වෙයි! :D

      Delete
  2. පොල්ලෙන් ගැහුවා වගේ ඈ....නියමයි.....

    ReplyDelete
    Replies
    1. උබ කොහොමත් හැම වෙලේම ඉන්නෙ අඩියක් මුඩියක් ගහපු size එකේනෙ බන්!

      Delete
  3. උබ කොහොමත් හැම වෙලේම ඉන්නෙ අඩියක් මුඩියක් ගහපු size එකේනෙ බන්!

    ReplyDelete