Friday, November 1, 2013

පිස්සුව තදවී

සති දෙකක් පුරා මම තෙමේ වෙහෙස මහන්සි වී බ්ලොග් එක ගොඩ දැමීමේ දැඩි අධිඨනෙන් කටයුතු කරම්ය.. යම් හෙයකින් මාගේ ඇති අදිගෘත බලය මා දැඩි කම්පා කරවන සුළු වන්නාහ. එනම් මා තෙමේගේ ඇති හැකියාව හින වෙමින් යන්නාහ..මෙයට පිළියම් වශයෙන් කරන්නට යම් දෙයක් ඇත්තාද කියා මා ප්‍රිය මිතුරන්ගෙන් ඇසූ කල්හි මා මෝඩයෙක් පිස්සෙක් යැයි සිතා මා හට බැන වැදී ඇති වාර අනන්ත අප්‍රමාණය..එකල්හි මම තෙමේ අධික ලෙස කෝපයට පත්ව ලේ කුපිත වී මී හරකෙක් මෙන් පොත් පෙරලන්නට වූහ. මා නෙත් යොමු වූයේ සංස්කෘත නම් අප මහා සිංහලයේ සංස්කෘත බස දෙසටය. කෙනෙකු දැක පමණින් සිත් පිත් දනවන වදන් නොතිබුනත් මෙය ඉතා මිහිරි වන්නාහ.මෙය සාමාන්‍ය පුද්ගලයන් කියවා නිසැකවම මා වනාහි අධික ලෙස පිස්සු උග්‍ර වී ඇති තැනැත්තෙකු යැයි සිතා ගල් ගසන්නටද සිත් ඇත්තාහ.මෙම බ්ලොග් කට්ටුවට පුර්ණ සහය දෙන්නෙක් ඇත්තාද ඒ නම් අප ජැකාමය. ඔහු බිම්තැන්න නම් බ්ලොග් කට්ටුව කරන තැනැත්තාමය. බුකියට වී නිකරුනේ කාලය කන්නන්ට මෙම බ්ලොග් කලාව ඇති මහත් සම්පතකි. ඉස්සර අප වනාහි බුකියේ සැරිසරන බුකිචාරින්මය. ලබන අවුරුද්දේ විභාගේ කට උඩ තියාගෙන දැන් තවත් අලුත් වැඩකට බැස ඇත. එනම් මෙම බ්ලොග්කට්ටුවමය. එකල බුකියට රැ දෙගොඩ යාමේ යන මා දැන් උදේ පාන්දරම බ්ලොග් එකට දුවගෙන එන්නාහ. මෙයට දැඩි ඇල්මක් හා භක්තියකින් කටයුතු කරන්නාහ.
     එහෙත් ඊයෙ දිනයේදී පැවැත්වූ බ්ලොග් කමිටු රැස්වීමේදී මම තෙමෙට හින්දාදිය දැම්මා නිසැකය. එනම් අප බ්ලොග් සංසදයේ මුල් පුටු උසුලන අයියන්ඩිලාගේ හිත් පිත් උණු කරවන වදන් වලින්මය.. අපහට තරයේ බැන වැදී "මේක දිගටම කරගෙන යන්න බැරි නම් ඒගොල්ලෝ අයියන් වෙයල්ලා" යනුවෙන් සැරපරුෂ වචන වලින් අප කං පින වූහ.. එකල්හි මම තෙමේ අධික ලෙස බිය වී බඩවැල උණ්ඩුකපුච්චයේ හිරකරගෙන සෑහෙන කට්ටක් කෑවේය.. කොහොමින් කොහොම හෝ උන්ගේ වැදි බණ අසා හිද එපා වී මතක් වූ පමණින් බඩේ රුදාව හැදෙන්නට වන්නාහ. කං දෙකේ ඇගිලි ගසා නොසිට නිසාවෙන් මා මොළ පලා පියා බෙහෙත් ගල්වන්නට වූහ. යම් හෙයකින් මා පෙර භාවයේ කළා වූ කුසලයේ පිං මදි හෙයින් මා හට අදහස් ගලා ඒමේ සම්භාවිතාව බොහෝ සේ අඩුය.. එමනිසා ඇත්තනම් පත කුඩාද යන අධිටනෙන් කටයුතු කරන මා මෙය ලිවීමටද බොහෝ සේ රං රිදී වැය කළෙමු. අසූ කෙළක් ධනය වැය කොට තැනූ මගේ පැළ මමම රකිමියි සිතා මා අද පටන් මෙහි ඉස්ථිර වශයෙන්ම පදිංචි වෙමි! 

6 comments:

  1. අනිවා..ඔය තියෙන්නේ....නියමයි මචෝ....

    ReplyDelete
    Replies
    1. තාම හරියටම ආවේ නැ බන්! :/

      Delete
  2. බ්ලොග් කියන්නේ google account තියෙන ඕන එකෙක්ට තියෙන අයිතියක්නේ බං. :/ සෙද්ද... ඒක run කොරන්න උනුත් ඉන්නවද? බැයිනම් පලයන් කිව්වේ කවුද බං. මොකද තොපි උන්ගේ සල්ලි වලින් internet ඇවිත් කියලද? හෙලා දකිනවා ඔව්. -_-

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව මයිනෝ...අපි උන්ගේ ඒවායින් එනවය...:)

      Delete
    2. අනේ මන්ද ඉතින්!

      Delete
  3. "බැයිනම් පලයන් කිව්වේ" ඇයි කියල කවුරු හරි දන්නව ද?


    "සැරපරුෂ වචන වලින් අප කං පින වූහ" කවුද අෆ්ෆේ ඒම කිව්වෙ මේ අමාරුවෙන් බ්ලොග් ලෝකෙ නැගිටින්න හදන මල්ලිල ට?

    ReplyDelete